2025 ජුනි 24 වන දින වැන්කුවර් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සදහා
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කැනඩාව බලා පිටත්ව ගිය අතර එහිදී බ්රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ සරේ හි පැවති “ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සන්ධ්‍යාවක්” යන විශේෂ හමුවට අග්‍රාමාත්‍ය ආචාර්ය අමරසූරිය සහභාගී විය. මෙම අවස්ථාවට කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් ආගමික
නායකයින්, සහ කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහභාගී වූ අතර අග්‍රාමාත්‍යවරිය සමඟ අදහස් බෙදා ගැනීමට මෙය ඔවුන්ට වැදගත් අවස්ථාවක් විය.
