පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඇති වූ ගම්වතුර හේතුවෙන් වියළි කලාපයේ ප්‍රධාන වාරියෝජනා ක්‍රම කිහිපයකට දැඩි හානි සිදුවීම හේතුවෙන් එම යෝජනා ක්‍රමවල වගා ඉඩම් සඳහා ජලය නිකුත් කිරීමට දැඩි බාධාවක් පැන නැගී ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය යෝජනා ක්‍රමය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය හා ගිරිතලය වාරි ව්‍යාපාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කය හුරුලුවැව හා රාජංගණය යන වාරියෝජනා ක්‍රම වල ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන්කර තිබේ
එකී ප්‍රතිපාදන භාවිත කරමින් ඉහත සඳහන් වාරි ව්‍යාපාරවල පහත සඳහා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම පිණිස කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි
මින්නේරිය වාරි ව්‍යාපාරයේ වාරි පද්ධතිය හා ජලාපවහන
ඇළ මාර්ග පිළිසකර කිරීම – රුපියල් මිලියන 300
ගිරිතලේ වාරි ව්‍යාපාරයේ වාරි පද්ධතිය පිළිසකර කිරීම –
රුපියල් මිලියන 200
ගල්ඔය යෝජනා ක්රමයේ ගංවතුර හානි හා කැඩී ගිය ඇළ
පද්ධති පිළිසකර කිරීම – රුපියල් මිලියන 900
හුරුළු වැව වාරි ව්‍යාපාරයේ වාරි පද්ධතිය හා ජලාපවහන
ඇළ මාර්ග පිළිසකර කිරීම – රුපියල් මිලියන 300
රාජංගනය වාරි ව්‍යාපාරයේ ගුරුත්ව හා උස්සාන වාරි
පද්ධතීන්හි පිළිසකර කිරීම් සිදු කිරීම – රුපියල් මිලියන 300