ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසාය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෑතකදී චීනයේ පැවති 2025 ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී විය . සිය දේශනය අතරතුර, විදේශ ආයෝජන සඳහා ආකර්ශනීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වත්මන් රජයේ කැපවීම අවධාරණය කරමින් අමාත්‍ය හඳුන්නෙත්ති මහතා ශ්‍රී ලංකාවේ යහපත් ආර්ථිකමය පසුබිමක් ගොඩනැගී ඇති බව සමුළුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රජයේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතිය සහ දේශපාලන දූෂණයට එරෙහිව සටන් කිරීමට දරන උත්සාහයන් පිළිබඳව අමාත්‍යවරයා විස්තර කළේය . මෙම පියවරයන් ස්ථාවර ආර්ථික පසුබිමක් පෝෂණය කර ඇති ආකාරය, ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා සහ ව්‍යාපාර සඳහා මග පාදමින් ඇති ආකාරය ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ වත්මන් ගමන් මග සහ එහි මෑත කාලීන සාර්ථකත්වයන් ජාත්‍යන්තර ප්‍රජාවගේ සැලකිය යුතු අවධානයක් දිනාගෙන ඇති බව ද අමාත්‍ය හඳුන්නෙත්ති සඳහන් කළේය.
සංසදයෙන් පසුව, අමාත්‍ය හඳුන්නෙත්ති මහතා ඊජිප්තුවේ ආයෝජන හා විදේශ වෙළඳ අමාත්‍ය හසන් එල්කාටිබ් මහතා සමඟ ඵලදායී හමුවක් පැවැත්වීය . ලෝක ආර්ථික සංසද රැස්වීමට විවිධ රටවල් නියෝජනය කරමින් අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන් සහ නිලධාරීන් සහභාගී විය.