මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට(24)

මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට(24) පෙරවරු 9.30 ට අගමැති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේ රැස්වීම් ශාලාවේ දී පැවැත්වේ. මෙරට හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමුවන අවස්ථාව මෙය වේ. මෙම උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස්වීම් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top