ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ජර්මානු ජනාධිපතිවරයා අතර හමුවක්

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

බර්ලිනයේ බෙල්වීව් මාළිගාවට පැමිණි ජනාධිපති දිසානායක මහතා, ජර්මානු සන්නද්ධ හමුදා විසින් පිරිනමන ලද චාරිත්‍රානුකූල සම්මාන පෙළපාලියක් ඇතුළුව පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පිළිගනු ලැබීය. ජනාධිපතිවරයා හමුදා පෙළපාළිය නිරීක්ෂණය කිරීමට ද සහභාගී විය.

නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුව, ජනාධිපති දිසානායක සහ ජනාධිපති ස්ටයින්මියර් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.

ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී, වෘත්තීය පුහුණුව සහ සංචාරක කර්මාන්තයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top